සිරමැදිරිය තුල කාන්තාවක් ගෙල වැලළාගනී
විවෘත වරෙන්තුවකට ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගත් කාන්තාවක් අද උදෑසන මරදාන පොලිස් සිර මැදිරිය තුළ ගෙල වැලළාගෙන සිය දිවි නසාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පවසනවා.
ඇය වවුනියාව ප්‍රදේශයේ පදිංචිව සිටි 32 හැවිරිදි කාන්තාවක් බවයි මාධ්‍ය ප්‍රකාශවරයා තවදුරටත් සඳහන් කර සිටියේ.