සිය මිතුරාගේ කලිසම ගැලවූ මිතුරියට දඩයක්

සිය මිතුරාගේ කලිසම ගැලවූ මිතුරියට දඩයක්

මිතුරන් පිරිසක් ඉදිරියේ තම මිතුරෙකුගේ කලිසමෙන් ඇද ගැලවූවා යැයි චෝදනා ලද කාන්තාවකට දකුණු කොරියානු අධිකරණයක් විසින් දඩ නියම කර ඇති බව වාර්තා වේ.

පනස් හැවිරිදි මෙම කාන්තාව විහිලුවට තම මිතුරාගේ කලිසමෙන් ඇද ගැලවූ පසු එම මිතුරා ඇයට එරෙහිව ලිංගික අපචාර චෝදනාවකට නඩු පවරා තිබේ. මෙම සිද්ධිය සිදුවී ඇත්තේ ඉකුත් ඔක්තෝබර් මාසයේදී ඊසානදිග Gangwon පළාතේ අවන්හලක මුළුතැන්ගෙයක් තුළදීය.

ඇය ලද දඩය වොන් මිලියන 2.8 (ඩොලර් 2100; පවුම් 1500)කි. දඩ මුදලට අමතරව පැය අටක ලිංගික හිංසනය වැළැක්වීමේ අධ්‍යාපනය සම්පූර්ණ කරන ලෙසටද අධිකරණය ඇයට නියෝග කර ඇත.

Share This