ගංජා කිලෝ 10ක් සමග කාන්තාවක් අත්අඩංගුවට
පොල් පෙන්නලා ගංජා විකුණලා
කේරළ ගංජා කිලෝ 10යි ග්‍රෑම් 325ක් සමග කාන්තාවක් අත්අඩංගුවට ගත් බව තඹුත්තේගම පොලීසිය පවසනවා.
ඒ, පුත්තලම පොලිස් විශේෂ කාර්ය බළකායට ලද තොරතුරක් මත ඊයේ (04) රාත්‍රීයේ සිදුකරන ලද විශේෂ සෝදිසි මෙහෙයුමකදී යි.
එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, 36 හැවිරිදි රාජාංගනය යාය හතර ප්‍රදේශයේ පදිංචිකාරිණියක්.
අදාළ සැකකාරිය ‘පොල් ව්‍යාපාරයක්’ කරන මුවාවෙන් ‘කේරළ ගංජා ව්‍යාපාරයක්’ පවත්වාගෙන ගොස් ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා.
ඇය යාපනයේ සිට පොල් රැගෙන එන බව පවසා, කේරළ ගංජා රැගෙනවිත් තඹුත්තේගම අවට සහ පුත්තලම ප්‍රදේශයට පොල් අලෙවිකරන මුවාවෙන් ගංජා බෙදාහැර ඇති බවටයි හෙළි වී ඇත්තේ.
පොල් ගෙඩි තොගයක් යට මෙම කේරළ ගංජා සඟවා තිබියදී පොලිස් විශේෂ කාර්ය බලකා නිළධාරීන් විසින් සොයාගෙන ඇති බව සඳහන්.
ඇය ප්‍රධාන පෙළේ ගංජා ජාවාරම්කාරියක් බවටයි වැඩිදුරටත් අනාවරණ වී ඇත්තේ.
සැකකාරිය සහ අදාළ කේරළ ගංජා තොගය තඹුත්තේගම මූලස්ථාන පොලිසිය වෙත භාර දී තිබෙනවා.
සැකකාරිය තඹුත්තේගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් තඹුත්තේගම මූලස්ථාන පොලීසිය විසින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.