විමල් වීරවංශ CID යට

විමල් වීරවංශ CID යට

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරංශ මහතා අද (03) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබෙනවා.

ඒ, එම දෙපාර්තමේන්තුවේ මූල්‍ය විමර්ශන අංශය වෙතයි.

මාධ්‍ය ආයතනයක පැවති වැඩසටහනකදී බැසිල් රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් සිදු කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් විමසීම සඳහා වීරවංශ මහතා මෙලෙස එම අංශය කැඳවා ඇති බව සඳහන්.

බැසිල් රාජපක්ෂ මහතා සම්බන්ධව මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ පනත යටතේ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා

ඊට අදාළව මෙලෙස විමල් වීරවංශ මහතාගෙන් ද ප්‍රකාශ සටහන් කර ගැනීම සිදු කෙරෙනු ඇති.

Share This