ජනපතිගේ ඊළඟ සංචාර චීනයට ද.?

ජනපතිගේ ඊළඟ සංචාර චීනයට ද.?

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ලබන සඳුදා ඉන්දියා‌වේ සංචාරය කිරීමට සැලැසුම් කර තිබෙනවා.

ලබන 15 වැනිදා සිට 17 වනදා දක්වා සිදු කරන සංචාරයේදී ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හමු වී සාකච්ඡා කිරීමට නියමිතව බව සඳහන්.

එහිදී ඉන්දිය ජනාධිපතිනිය හමුවීමට සැලැසුම් කර ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ. මෙම සංචාරයට විදේශ අමාත්‍යවරයා සහ නියෝජ්‍ය මුදල් අමාත්‍යවරයා ද එක් වන බවයි, කැබිනට් මාධ්‍ය ප්‍රකාශක නලින්ද ජයතිස්ස මහතා කියා සිටියේ.

මේ අතර අදාළ සංචාරයෙන් අනතුරු ජනාධිපතිවරයා චීනයේ සංචාරයක නිරත වනු ඇති බවට  තහවුරු නොකළ  ආරංචි මාර්ග ප්‍රකාශ කරනවා.

පසුගියදා යාපනයේ සංචාරයේ නිරත චීනයේ මෙරට තානාපති කී සෙන්හොංග් (Qi Zhenhong) ඒ සඳහා වන ආරාධනාව සිදු කරනු ලැබුවා.

එහිදී ඔහු කියාසිටියේ, ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඇති මිත්‍රත්වය අගය කරන බවයි.

දෙසැම්බර් මාසයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉන්දියානු සංචාරය නිමා කිරීමෙන් අනතුරුව සුදුසු කාලයක චීනයේ සංචාරයක් සිදු කරනු ඇතැයි අපේක්ෂා කරන බව ද මෙරට චීන තානාපති කී සෙන්හොංග් ප්‍රකාශ කළා.

ශ්‍රී ලංකාවේ දීර්ඝ කාලීන මිතුරෙකු ලෙස ඔවුන් ගන්නා තීන්දු තීරණවලට තම සහය පළ කරන බවයි ඔහු කියාසිටියේ.

Share This