අද රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වීමට තිබු, විදුලි ගාස්තු සංශෝධනය නවතී ?

අද රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වීමට තිබු, විදුලි ගාස්තු සංශෝධනය නවතී ?

මහජන උපයෝගීතා කොමිසම විසින් නිර්දේශ කර, ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබු විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍යාංශය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම කොමිසම විසින් ඉදිරිපත් කර ඇති විදුලි ගාස්තු සංශෝධනය, මුදල් අමාත්‍යංශයේ උපදෙස් අනුව සිදුකිරීමට නියමිත බවයි එහි දක්වා ඇත්තේ.

ඒ අනුව අදාල නව ගාස්තු සම්බන්දව මුදල් අමාත්‍යාංශයේ උපදෙස් ලබා ගැනීමට නියමිත බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

අද පස්වරුවේ විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින්, මහජන උපයෝගීතා කොමිෂන් සභාව දැනුම් දුන්නේ, අද (17) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි විදුලිය ගාස්තු සියයට 20කින් අඩු කිරීමට තීරණය කළ බවයි.

එම ගාස්තු සංශෝධනය ඉදිරි මාස හයක කාලයක් සඳහා වලංගු වන අතර අදාළ සංශෝධනයට අනුව මාසික ගාස්තුව මෙන්ම ඛාණ්ඩ ගාස්තුව ද සියයට 20කින් අඩු වනු ඇති.

පොදු කාර්ය සඳහා වන විදුලිය ගාස්තු සියයට 12කින් ද, රාජ්‍ය ආයතන සඳහා වන ගාස්තුව සියයට 11කින් ද, අඩු කිරීමට තීරණය කර ඇති බවයි මහජන උපයෝගිතා කොමිෂන් සභාව එහිදී ප්‍රකාශ කළේ.

හෝටල් සඳහා සියයට 31කින්, කර්මාන්ත සඳහා සියයට 30කින්, ආගමික ස්ථාන සඳහා සියයට 21කින්, වීථි ලාම්පු සඳහා සියයට 11කින් විදුලිය ගාස්තු අඩු කිරීමට ද තීරණය කර තිබෙනවා.

කෙසේ වෙතත් එලෙස අද (17) මධ්‍යම රාත්‍රීයේ සිට  ක්‍රියාත්මක වීමට නියමිතව තිබු විදුලි ගාස්තු සංශෝධනය, මුදල් අමාත්‍යංශයේ උපදෙස් ලබාගන්නා තුරු ක්‍රියාත්මක නොවනු ඇති.

 

අදාළ ගාස්තු සංශෝධනයන් පහතින් දක්වා ඇත👇🏻

 

Share This