2024 දී වන අලින්ට මිනිස් ජීවිත 37 ක් බිලි
වන අලි මරණ 54 ක්
පසුගිය 2024 වර්ෂයේ දී අනුරාධපුර දිස්ත්රික්කය තුළ වන අලි පහර දීමෙන් මිය ගිය පුද්ගලයින් ගණන 32 ක් බවත්, 2023 වර්ෂයේ වන අලි පහර දීම නිසා මිනිස් ජීවිත 37 ක් අහිමි වූ බවත් වාර්තා වනවා.
මේ බව අනාවරණ වී ඇත්තේ වන සතුන්ගෙන් සිදුවන හානිය සදහා වන්දි මුදල් ලබා දීමේ දිස්ත්රික් වන්දි කමිටු රැස්වීමේදීයි.
එසේම පසුගිය වසරේ දී දේපල හානිවිම් සිද්ධින් 778 ක් සහ ශරීරික හානි 38 ක් වාර්තා වී තිබෙනවා.
වන අලි ඇතුළු ආරක්ෂිත වන සතුන්ගෙන් සිදුවන හානි සදහා වන්දි වශයෙන් 2023 වර්ෂයේ දී රුපියල් 84,841,079 ක මුදලක් අනුරාධපුර දිස්ත්රික් වන්දි කමිටුව විසින් අනුමත කර ලබා දී තිබෙන අතර, 2024 වර්ෂයේදී වන්දි කමිටුව මගින් අනුමත කළ වන්දි මුදල් වශයෙන් ජීවිත හානි 28 ක් සදහා රුපියල් 25,500,000 ක් ද, ශාරීරික හානි හා දේපල හානි සඳහා රුපියල් 83,623,219 ක් මුදලක් ද අනුමත කර ඇති බව සඳහන්.
මේ අතර අලි- මිනිස් ගැටුමෙන් පීඩාවට පත්ව 2023 වර්ෂයේ දී අලින් 87 දෙනෙකු සහ 2024 දි අලින් 54 දෙනෙකු මිය ගොස් තිබෙනවා.
හක්ක පටස්, අනවසර විදුලි රැහැන්, වෙඩි වැදීමෙන් , දුම්රියේ ගැටීමෙන් මෙම වන අලින් මිය ගොස් ඇති බව සඳහන්.
තොරතුරු රඹෑව – සරත් දිසානායක