එළවළු තොග මිල ගණන් පහළට

බෝංච් , කැරට්, මාළු මිරිස්, නොකෝල් ඇතුළු එළවළු ගණනාවක තොග මිල අද (19) සියයට 30 පමණ පහළ ගිය බව දඹුල්ල තොග වෙළද සංගමය පැවැසීය.
පසු ගිය සතියේදී රුපියල් 550ක් දක්වා ඉහළ මිලකට අලෙවි වූ බෝංචි කිලෝවක තොග මිල රුපියල් 300ක් දක්වා පහළ ගිය බව තොග වෙළදුන් පැවැසීය.
තොග වෙළදුන්ට අනුව රුපියල් 900 අලෙවිවූ කැරට් කිලෝවක් රුපියල් 700ක්, දක්වාද, මාළු මිරිස් කිලෝවක් රුපියල් 540ක් දක්වා පහළ ගොස් තිබෙන අතර කිලෝවක් රුපියල් 220ට අලෙවි වූ මැලේෂින් වට්ටක්කා කිලෝවක තොග මිළ රුපියල් 150ක් දක්වා පහළ ගොස් තිබේ.
මල් ගෝවා, නොකෝල්, මෑ කරල්, පොලොස්, දඹල, බණ්ඩක්කා තොග මිළ තවදුරටත් පහළ ගොස් තිබෙන බව පැවැසූ වෙළෙන්දෝ දඹුල්ල කට් බීට්, අමු මිරිස්, දෙහි, ඇතුළු පහතරට එළවළු කීපයක තොග මිළ ඉහළ ගිය බව පැවැසීය.
පවතින වැසි ඒළවළු තොග මිළ පහළ යාමට බලපෑ බවත් සැපයුම අඩුවූ ඒළවළු මිළ ඉහළ ගිය බවත් රටපුරා ප්රධාන නගර, විශේෂිත ආර්ථික මධ්යස්ථානවලින් ඒළවළු තොග ගැණුම්කරුවන් පැමිණීම සාමාන්ය ලෙස පැමිණි බව ඔවුහු පැවැසීය.
දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ දිනයේදී එළවළු කිලෝ ලක්ෂ 07ක් පමණ ලැබී තිබෙන බවද තොග වෙළෙන්දෝ පැවැසීය.
නාලන්දේ සුනිල් ආර්.පතිරණ