බිත්තර තොග මිල දැනෙන ගාණකින් අඩු වෙයි
සමස්ත ලංකා බිත්තර වෙළඳ සංගමය විසින් අද (23) දිනට අදාළ තොග මිල ප්රකාශයට පත් කර තිබෙනවා.
ඒ අනුව රතු බිත්තරයක තොග මිල වන්නේ රුපියල් 29.00ක්. සුදු බිත්තරයක තොග මිල රුපියල් 28ක් බවයි එම සංගමය සඳහන් කළේ.
මෙම මිල සඳහා තම සංගමයේ පූර්ණ නෛතික වගකීමක් ඇති බවට ද ඔවුන් අවධාරණය කරනවා.
මේ අතර උත්සව සමයේ කුකුළු මස් හා බිත්තර හිඟයක් ඇති නොවන බවයි සමස්ත ලංකා සත්ත්ව නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති අජිත් ගුණසේකර මහතා කියාසිටියේ.
ශීතකල කුකුල් මස් කිලෝග්රෑමයක් රුපියල් දහසට අඩුවෙන් මිලදී ගත හැකියි.
බිත්තරයක් රුපියල් 31ත්, 33ත් අතර මිලක පවතින බව ද සභාපතිවරයා වැඩිදුරටත් ප්රකාශ කළා.