මෙවර මද්‍යසාර සහ දුම්වැටි මිල වැඩි වීමේ වාසිය කාට ද?
මද්‍යසාර හා දුම්වැටි යනු සාමාන්‍ය පාරිභෝගික භාණ්ඩ නොවන අතර ඒවායේ මිල සෑම විටම එම භාණ්ඩ මිලදී ගැනීම අඩාල කරන මට්ටමක පවත්වාගෙන යා යුතු බව මද්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් එම ආයතනය මේ බව සඳහන් කළා.
මද්‍යසාර භාවිතය හේතුවෙන් ශ්‍රී ලංකාවේ වසරකට පුද්ගලයන් 15,000කට ආසන්න ප්‍රමාණයක් අකාලයේ මරණයට පත්වනවා.
දුම්වැටි භාවිතය, වසරකට පුද්ගලයන් 20,000කට ආසන්න ප්‍රමාණයක් මරණයට පත් කරයි.
එමෙන්ම තවත් විශාල ප්‍රමාණයක් රෝගීන් බවට පත්කරන අතර මද්‍යසාර සහ දුම්වැටි පුද්ගලයන්ගේ සතුට සහ නිදහස සීමා කරන ප්‍රධාන සාධකය බවට පත් වී තිබෙනවා.
වාර්ෂිකව දුම්කොළ සහ මද්‍යසාර සමාගම්, තම අහිමි වන පාරිභෝගිකයන් වෙනුවට, මෙරට දරුවන්, මද්‍යසාර සහ දුම්වැටිවලට යොමු කරගැනීමට විවිධ උපක්‍රම ක්‍රියාත්මක කරන බවයි අදාළ නිවේදනය මගින් පෙන්වා දී ඇත්තේ.
මෙරට බෝ නොවන රෝගවලින් සිදුවන මරණ ප්‍රමාණය 80% දක්වා මේ වන විට ඉහළගොස් තිබෙනවා.
බෝ නොවන රෝගවලට බලපාන ප්‍රධාන සාධක 4න් 2ක් වන්නේ දුම්වැටි සහ මද්‍යසාර භාවිතයයි.
එක්සත් ජනපද ෆෙඩරල් රජයේ මහජන සෞඛ්‍ය සේවා ප්‍රධානියා (Surgeon General) මේ වසර ආරම්භයේ දී විශේෂ වාර්තාවක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ, මද්‍යසාර, පිළිකා කාරකයක් බැවින් සුළු ප්‍රමාණයකින් හෝ මද්‍යසාර භාවිත කළද එය පුද්ගලයන්ගේ පිළිකා අවදානම වැඩි කරන බවයි.
මද්‍යසාර යනු පිළිකා කාරකයක් බවට තහවුරු කර තිබෙනවා.
ඒ අනුව මෙම බදු වැඩි කිරීම තුළින් ආසන්න වශයෙන් සිගරට් කර්මාන්තය ලබා ගන්නා අමතර ලාභය රුපියල් මිලියන 7000කට අධික බවයි මද්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය අනාවරණ කළේ.
ඔවුන් පෙන්වා දෙන්නේ, ‘කවුරු බලයට පත්වුවදා හැමදාම වාගේ දිනන්නේ දුම්කොළ සහ මද්‍යසාර සමාගම්’ බවයි.
එබැවින් ජනතා හිතවාදී ආණ්ඩු විසින් සිදුකළ යුත්තේ, දුම්කොළ සහ මද්‍යසාර සමාගම්වල ආදායම් තර කිරීම නොව මහජනතාව සතුටෙන් සහ සෞඛ්‍යමත්ව තබා ගන්නා සෞඛ්‍යමත්, ආර්ථික තීරණවලට එළැඹීම බව එම ආයතනය අවධාරණය කරනවා.
ඒ සඳහා ක්‍රමවත් සුරාබදු ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරමින් ජනතාව ආරක්ෂා කර ගැනීම ජනතා හිතවාදී ආණ්ඩුවක වගකීමක් බවයි ඔවුන් වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ.
මේ සම්බන්ධයෙන් මද්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය නිකුත් කළ නිවේදනය පහතින් දක්වා ඇත.