ඊශ්‍රායලයට යන ශ්‍රමිකයන් එරටදී කරන කියන දේවල්

ඊශ්‍රායලයට යන ශ්‍රමිකයන් එරටදී කරන කියන දේවල්

(ශිරාන් රණසිංහ)

මෙරටින් ඊශ්‍රායලයට ගොස් එරට රැකියා කරන පිරිසක් අයිස් හා මර්ජුවානා වැනි මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වී සිටින බව ඊශ්‍රයලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා හෙළි කරයි.

ඊශ්‍රායලය තුළ මත් ද්‍රව්‍ය නීතියෙන් තහනම් කර නැති අතර මෙරටින් එරටට යන ඇතැම් අය ඒ වටිනා රැකියා අවස්ථාවෙන් නිසි ප්‍රයෝජන නොගෙන ජීවිතය විනාශ කර ගන්නා බවද ඔහු කියයි.

මීට අමතරව මෙරටින් එරට රැකියා වලට එන ඇතැමුන් වට්ස්අප් ගෲප් මගින් හා වෙනත් සබදතා ගොඩ නගා කල්ලි කණ්ඩායම් ලෙස විවිධ ඉල්ලීම් දිනාගැනීමට උද්ඝෝෂණ ආදිය සිදු කරන්නට පටන්ගෙන ඇතැයි ද ඒ මහතා කියයි.

ශ්‍රී ලංකා රජය හා ඊශ්‍රායල රජය අතර අත්සන් කර ඇති ගිවිසුමකට අනුව එරටට එන ශ්‍රමිකයින්ගේ රැකියා සුරක්ෂිත බවද ඒ මහතා කියයි.

එසේ තිබියදී මෙලෙස කටයුතු කිරීමෙන් එරටින් මෙරටට රැකියා ලැබීම නතරව යාහැකි බැවින් වගකීමෙන් කටයුතු කරන ලෙස ඉල්ලා සිටී.

Share This