බස්නාහිර ඩෙංගු මඩින සටන තවත් ශක්තිමත් කරයි

බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යුසූෆ් මහතාගේ මෙහෙයවීමෙන් බස්නාහිර පලාත පුරා ක්‍රියාත්මක “War Against Dengue” වැඩසටහනේ තෙවන තත්ත්ව සමාලෝචන රැස්වීම අද (28) බස්නාහිර පළාත් ආණ්ඩුකාරවර ලේකම් කාර්යාලයේදී පැවැත්විය.
මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමෙන් පසු බස්නාහිර පළාත තුළ ඩෙංගු මදුරුවන්ගෙන් බෝවන රෝග වල යම් අඩුවීමක් දක්නට ලැබීම පිළිබඳව මෙහිදී අවධානය යොමු වූ අතර ඒ සඳහා අඛණ්ඩව කැපවීමේ වැදගත්කම පිළිබඳව ආණ්ඩුකාරවරයා අවධාරණය කළේය.
මේ අතර සීඝ්‍රයෙන් වර්ධනය වන චිකන්ගුන්යා රෝගය නිසා “War Against Dengue” වැඩසටහනේ ඵලදායීතාව තවදුරටත් වැඩිකර ගැනීමට ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව අවධානය යොමු විය.
ආණ්ඩුකාරවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම හමුව “War Against Dengue” කාර්ය සාධක බලකායේ සභාපති එල්.ඒ කළු කපුවාරච්චි ඇතුළු වෛද්‍ය අංශ නියෝජිතයින්, ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ නියෝජිතයින් මෙන්ම කාර්ය සාධක බලකාය නියෝජනය කරන සියලු අංශවල නියෝජිතයින් එක්ව සිටියහ.