බස්නාහිරට දවස පුරා වැසි

බස්නාහිරට දවස පුරා වැසි

අද උදෑසන කාලයේදීත් බස්නාහිර පළාතේ වැසි ඇති විය හැකි අතර, සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වෙනත් ප්‍රදේශවල ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

එහි දැක්වෙන්නේ ඌව සහ දකුණු පළාත්වල සහ අම්පාර, මඩකලපුව, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවයි.

උතුරු සහ උතුරු මැද පළාත්වල සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ද වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව එහි සඳහන්.

ඌව, බටහිර, සබරගමුව සහ දකුණු පළාත්වල සහ අම්පාර, මඩකලපුව, නුවරඑළිය සහ මාතලේ දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල මිලිමීටර් 75 ට වැඩි තරමක් තද වැසි අපේක්ෂා කළ හැකිවනවා.

මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුමේ සහ උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වල සහ මාතලේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල විටින් විට පැයට කිලෝමීටර් 30-40 ක තරමක් තද සුළං අපේක්ෂා කළ හැකියි.

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වල සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සමහර ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කළ හැකි බවයි එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

Share This