වත්තල මාබෝල නගර සභාවේ බලය සජබට

පසුගිය දා පැවැති පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල අනුව විපක්ෂයට වැඩි බහුතරයක් හිමි වත්තල මාබෝල නගර සභාවේ බලය තහවුරු කිරීමටත් එහි නගරාධිපති ධුරය ලබා ගැනීමටත් සමගි ජන බලවේගයට අද (18) සමත් විය.
ඒ අනුව වත්තල මාබෝල නගර සභාවේ නගරාධිපතිවරයා තෝරාපත් කර ගැනීමේ ඡන්ද විමසීම පැවැත්වූ අවස්ථාවේ දී බහුතර බලය ලබා ගත් සවිජය රාජ ප්‍රකාශ් මහතා වත්තල මාබෝල නගර සභාවේ අභිනව නගරාධිපතිවරයා ලෙස පත්වී ඇත.