වනඅලි ගම්වැදීම පාලනයට මුර කුටි
මහවිලච්චිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ වනඅලි ගම්වැදීම පාලනය කිරීමේ මුරකුටි ඉදිකරමින් පවතිනවා.
මුරකුටිවල ඉදිකිරීම්වල තත්ත්වය පසුගියදා උතුරුමැද පළාත් ආණ්ඩුකාර ලේකම් ඩබ්.ජී.ඩබ්. වනසිංහ මහතා විසින් නිරික්ෂණය කළා.
වනඅලි ගම්වැදීම පාලනය කිරීම සඳහා මුරපොලවල් යෙදීමට කටයුතු කර දෙන ලෙස මහවිලච්චිය ගම්වාසීන් කළ ඉල්ලීමකට අනුව උතුරු මැද පළාත් ආණ්ඩුකාරවරයාගේ අවධානය ඒ සඳහා යොමු වූ අතර වත්මන් රජයේ අවධානය යොමු කර ගනිමින් ජනතාව හදුනාගත් වනඅලි ගම්වැදින ස්ථාන වල මුර කුටි ඉදිකිරීම පසුගියදා ආරම්භ කර තිබෙනවා.
මහවිලච්චිය කොට්ඨාශයේ ප්රබලව වනඅලි තර්ජනයට ලක්වන ග්‍රාම නිලධාරි වසම් කිහිපයක මුර කුටි 12ක් ඉදිකිරීම මෙහිදී සිදු කරන බවට සඳහන්.
එම ඉදිකිරිම් අවසන් වු පසු දෛනිකව සිවිල් ආරක්ෂක සෙබලුන් මුරකුටි වලට යොදවා ගනිමින් වනඅලි ගම් වැදීම පාලනය කිරීමට නියමිතයි.
මෙය නියමු ව්‍යාපෘතියක් බැවින් මෙම වැඩසටහන සාර්ථක නම් අනෙකුත් දිස්ත්‍රික්ක වල ද ඉදිරි වර්ෂය තුළ වැඩ සටහන ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර ඇති බව උතුරුමැද පළාත් ආණ්ඩුකාර ලේකම්වරයා පවසනවා.