වසන්තා හඳපාන්ගොඩ අභාවප්‍රාප්ත වෙයි
ශ්‍රී ලංකා පොදුජන ගුරු සංගමයේ සභාපතිනි වසන්තා හඳපාන්ගොඩ මහත්මිය අභාවප්‍රාප්තවී තිබෙනවා.
ඇය එංගලන්තයේ සිය දියණියගේ නිවසේ සිටියදී ඇති වූ හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් මිය ගොස් ඇති බව සඳහන්.
ඇය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු දේශපාලනයට ඉතා ම පක්ෂපාතී ලෙස කටයුතු කළ අයෙක් වනවා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බලයට ගෙන ඒම සදහා ඇප කැප වී ක්‍රියාකළ ඇය ගෝල්ෆේස්හි සිටි ආණ්ඩු විරෝධී විරෝධතාකරුවන්ට පහරදීමේ නඩුවේ වගඋත්තරකාරියක් වුණා.
මේ හේතුවෙන් වසන්තා හඳපාන්ගොඩ මහත්මිය ඇතුළු තවත් 06 දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවට පත් වූ බව සඳහන්.