කොළඹ ඇතුළු පළාත් පාලන ආයතන කිහිපයක ඡන්ද විමසීමේ කටයුතු අත්හිටුවයි

කොළඹ ඇතුළු පළාත් පාලන ආයතන කිහිපයක ඡන්ද විමසීමේ කටයුතු අත්හිටුවයි

කොළඹ මහනගර සභාව ඇතුළු පළාත් පාලන ආයතන කිහිපයක ඡන්ද විමසීමේ කටයුතු අත්හිටුවමින් අභියාචනාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර ඇත.

ඒ, සිය නාමයෝජනා ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් කීපයක් ඉදිරිපත් කළ රීට් පෙත්සම් විභාග කිරීමට අවසර ලබාදෙමිනි.

ඒ අනුව මෙම පෙත්සම්වලට අදාළ විරෝධතා මැයි මස 05 වැනිදා පෙර ගොනු කරන ලෙස විනිසුරු මඩුල්ල නියෝග කළහ.

ප්‍රතිවිරෝධතා මැයි 07 වැනිදාට පෙර ගොනු කළ යුතුය. මෙම පෙත්සම් විභාගය මැයි මස 16 වැනිදා දක්වා කල් තැබිණි.

Share This