විරාත් කෝලිට තරග ගාස්තුවෙන් සියයට 20ක දඩයක්
ඉන්දිය ක්‍රිකට් ක්‍රීඩක විරාත් කෝලිට තරග ගාස්තුවෙන් සියයට 20ක දඩ මුදලක් සහ එක් ලකුණක් අහිමි කිරීමට තීරණය කර තිබෙනවා.
ඒ, ඔස්ට්‍රේලියාව සමඟ පැවැත්වෙන සිව් වන ටෙස්ට් ක්‍රිකට් තරගයේ සෑම් කොන්ස්ටස් සමඟ සිදු කර ගත් උරහිස් ඝට්ටනය හේතුවෙන්.
තරගයේ 10 වන පන්දුවාරය අවසන්වීමෙන් අනතුරුව කෝලි සහ සෑම් පිටියේ තණතීරුව හරහා ගමන් කරන විට අදාළ සිද්ධිය සිදු වුණා.
ඉන් අනතුරුව ඔවුන් දෙදෙනා අතර යම් වචන හුවමාරුවක් සිදු වූ අතර උස්මන් කවජා සහ විනිසුරුවරුන් මැදිහත්ව එය සමථයකට පත් කළ බව සඳහන්.
අදාළ ඝට්ටනය අහඹු ක්‍රියාවක් නොවන බවයි, එම අවස්ථාවේ විස්තර විචාරක ලෙස කටයුතු කළ, රිකි පොන්ටින් ප්‍රකාශ කළේ.
මේ සිද්ධිය සම්බන්ධයෙන් සෑම් කොන්ස්ටස් 7 Cricket වෙත අදහස් පළ කරමින් කියා සිටියේ, “it happens, it’s cricket.” යනුවෙන්.