ප්‍රවීණ ගායන ශිල්පී අනිල් භාරතී අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ ගායන ශිල්පී අනිල් භාරතී අභාවප්‍රාප්ත වෙයි

ජ්‍යෙෂ්ඨ ගායන ශිල්පියකු වන අනිල් භාරතී මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.
මිය යන විට ඒ මහතා 75 වන වියේ පසුවූ බව සඳහන්.
රෝගී තත්ත්වයක් හේතුවෙන් පානදුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී ඒ මහතා අද (22) අභාවප්‍රාප්ත වී තිබෙනවා.
මෙරට සංගීත ක්ෂේත්‍රය පෝෂණය කළ අනිල් භාරතී මහතා ගායනා කරන ලද ගීත අතරින් බහුතරයක් නත්තල් ගීත වීම විශේෂත්වයක්.බෙත් ලෙහෙම් පුරේ – දිළිඳු ගව ලෙනේ ගීතයෙන් රසික හදවත් අතර ප්‍රසිද්ධියට පත්ව සිටි ඒ මහතා මොරටුව වේල්ස් කුමර විදුහලේ ආදි සිසුවෙක්.
ප්‍රවෘත්ති නිවේදකයෙකු, වැඩසටහන් ඉදිරිපත් කරන්නෙකු ලෙසින් වසර 50ක් පුරා ශ්‍රී ලංකා ගුවන් විදුලියේ සේවය කර ඇති ඔහු කලක්
ගුවන් විදුලියේ අධ්‍යක්ෂ ධූරය ද හෙබවූ බව සඳහන්.

Share This