පළාත් පහකට ඉතා තද වැසි

පළාත් කිහිපයකට අද (13) ඉතා තද වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසීය.
ඒ අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ වයඹ පළාත්වල විටින් විට වැසි ඇති විය හැකිය.
බස්නාහිර සහ සබරගමුව පළාත් වලත් නුවරඑළිය මහනුවර ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මි.100 ක පමණ තද වැසි ඇතිවිය හැකිය.
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු උතුරු මැද බස්නාහිර සබරගමුව වයඹ සහ දකුණු පළාත්වලත් තිරිකුණාමලයේ දිස්ත්‍රික්කයේත් විටින් විට පැ.කි.මි (50.60) ක පමණක තද සුළං ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව පැවසීය.
චන්දන ලක්මාල්