13 හැවිරිදි සිසුවෙකුව ලිංගික අපයෝජනය කළ ගුරුවරියට සිසුවාගෙන් දරුවෙක්

13 හැවිරිදි සිසුවෙකුව ලිංගික අපයෝජනය කළ ගුරුවරියට සිසුවාගෙන් දරුවෙක්

අමෙරිකා එක්සත් ජනපදයේ ප්‍රාථමික පාසල් ගුරුවරියක්, ඇගේ 13 හැවිරිදි සිසුවෙක්ව අපයෝජනය කළ චෝදනාව මත අත්අඩංගුවට ගෙන තිබෙනවා.
නිව් යෝර්ක් පෝස්ට් පුවත්පතට අනුව, නිව් ජර්සි ප්‍රාථමික පාසලක පස්වන ශ්‍රේණියේ ගුරුවරියක් වන ලෝරා කැරන්, 2016 සහ 2020 අතර කාලය තුළ ඇගේ නිවසේ එකට ජීවත් වූ විට එම සිසුවා සමග ලිංගික එක්වූ බව සඳහන්.
එම ගුරුවරියට මෙම සිසුවා පලමුව මුණ ගැසී ඇත්තේ, ඔහුට සහ ඔහුගේ සහෝදරයාට පස්වන ශ්‍රේණියේ දී ඉගැන්වීමේදී යි.
2005 දී උපත ලැබූ මෙම පිරිමි ළමයා සහ ඔහුගේ පවුලේ අය ගුරුවරිය සමඟ සමීපව සිට තිබෙනවා.

එම පිරිමි ළමයාගේ දෙමව්පියන් තම පුතුන්ට සහ දියණියට ගුරුවරියගේ නිවසේ රාත්‍රීන් කිහිපයක් ගත කිරීමට ඉඩ ලබා දී ඇති අතර, පසුව 2016 දී දරුවන් ස්ථිරවම එහි රැඳී සිටි බව සඳහන්.

තම නිවසේ අදාල සිසුවා ජීවත් වීමට පටන් ගත් පසුවයි මෙම ගුරුවරිය ඔහු සමග “නුසුදුසු ලිංගික සම්බන්ධතාවයක්” පවත්වා ඇත්තේ.

ඉන් පසුව එම ගුරුවරිය සිසුවා නිසා ගැබ් ගෙන ඇති අතර, ඇය 2019 දී එම දරුවා ප්‍රසූත කර තිබෙනවා.

ඔවුන්ගේ දරුවා ඉපදෙන විට, චෝදනාවට ලක් වූ සිසුවාගේ වයස අවුරුදු 13 ක් වූ අතර ගුරුවරියගේ වයස අවුරුදු 28 ක් වූ බව සඳහන්.

මේ වන විට 20 හැවිරිදි වියේ පසුවන වින්දිතයා, කැරන් සමඟ ඇති ලිංගික සම්බන්ධතාවක් පැවති බවත් ඔහු තම හිටපු ගුරුවරයාගේ දරුවාට පියෙකු වූ බවත් විමර්ශකයින්ට හෙළි කර තිබෙනවා.

Share This