ඇමෙරිකානු ප්‍රහාරවලින් ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහනට දැඩි හානියක් සිදුවී නැහැ

ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථාන තුනකට ඇමෙරිකාව විසින් එල්ල කළ ගුවන් ප්‍රහාරවලින් එරට න්‍යෂ්ටික වැඩසටහන සම්පූර්ණයෙන් විනාශ වී නැති බව පෙන්ටගනයේ මුල් බුද්ධි තක්සේරුවකින් අනාවරණය වී ඇත. නමුත් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෙම ප්‍රකාශය ප්‍රතික්ෂේප කර ඇත.
එහිදී ට්‍රම්ප් ප්‍රකාශ කළේ මෙම ප්‍රහාර මගින් ෆාර්ඩෝ, නටාන්ස් සහ ඉස්ෆහාන් න්‍යෂ්ටික මධ්‍යස්ථාන සම්පූර්ණයෙන්ම විනාශ කිරීමට හැකි වූ බවයි. එහෙත්, බුද්ධි අංශ වාර්තාව අනුව, මෙම ප්‍රහාරවලින් ඉරානයේ යුරේනියම් තොගය සහ බොහෝ සෙන්ට්‍රිෆියුප් යන්ත්‍ර නොනැවසී පවතියි. මෙම ප්‍රහාරයෙන් න්‍යෂ්ටික වැඩසටහන සම්පූර්ණ විනාශයක් සිදුව නොමැති බවත්, එම හානිය අදාළ වැඩසටහන් වල ක්‍රියාකාරිත්වය මාස කිහිපයකට පමණක් ප්‍රමාද කර ඇති බවත් එම බුද්ධි අංශ වාර්තාව වැඩිදුරටත් සඳහන් කරයි.
බංකර් බස්ටර් බෝම්බ භාවිතයෙන් සිදු කළ ප්‍රහාරවලින් මතුපිට ව්‍යුහයන්ට හානි සිදුව ඇති නමුත් පොළොව යට පිහිටි පහසුකම් බොහෝවිට නොවෙනස්ව පවතින බවද එම වාර්තාවේ දැක්වේ. අනතුරුව නිකුත් කළ චන්ද්‍රිකා ඡායාරූපවලින් ද මේ බව තහවුරු වී ඇත.
ප්‍රහාරවලට පෙර න්‍යෂ්ටික ද්‍රව්‍ය සහ උපකරණවලින් කොටසක් ආරක්ෂිත ස්ථානවලට මාරු කර ඇති බව ඉරාන රාජ්‍ය මාධ්‍ය පවසයි. එමෙන්ම, ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන යළි ආරම්භ කිරීම සඳහා අවශ්‍ය කාලය මාස කිහිපයකට සීමා වන බව ද බුද්ධි අංශ පෙන්වා දේ.