අමෙරිකාව යුක්රේනයට ලබාදෙන මිලිටරි ආධාර නවතයි

අමෙරිකාව යුක්රේනයට ලබාදෙන මිලිටරි ආධාර නවතයි

එක්සත් ජනපදය යුක්රේනයට ලබාදෙන මිලිටරි ආධාර නවතා ඇති බව ධවල මන්දිර නිලධාරියෙක් ප්‍රකාශ කරයි.

මෙය එක්සත් ජනපදය සහ යුක්රේනය අතර ප්‍රධාන තීව්‍රතාවයක් සහ සෙලෙන්ස්කි මත වැඩි පීඩනයක් එල්ල කරනු ඇතැයි විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

යුක්රේනයට විශාල වශයෙන් මිලිටරි ආධාර ලබා දෙන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයයි. මෙම තීරණයත් සමග යුද්ධය සම්බන්ධ යුක්රේනයේ හෙට දවසේ ක්‍රියාපටිපාටිය කුමක් වේදැයි නිශ්චිත නැත.

මෙම තීරණය පැමිණෙන්නේ යුක්රේනය රුසියාව සමඟ පවතින යුද්ධයේ අවසානය ඉතා ඉතා දුර බව පැවසීම සම්බන්ධයෙන් ජනාධිපති ට්‍රම්ප් යුක්රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි විවේචනය කිරීමෙන් පැය කිහිපයකට පසුවය.

සඳුනි තිලකරත්න

Share This