උරුමය වැඩසටහන නතර කරයි

උරුමය වැඩසටහන නතර කරයි

පසුගිය ආණ්ඩුව විසින් ක්‍රියාත්මක කළ “උරුමය” වැඩසටහන අත්හිටුවීමට කටයුතු කළ බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරි මාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කාන්ත මහතා පවසනවා.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා කළ ප්‍රශ්න කිරීමකට පිළිතුරු ලබාදෙමින්.

අදාළ වැඩසටහනේ අඩුපාඩු රැසක් පවතින බවත්, ඒ සම්බන්ධයෙන් සොයාබැලීමට කමිටුවත් පත් කළ බවත් ඔහු කියා සිටියා.

එම කමිටු නිර්දේශ ලැබීමෙන් අනතුරු එහි ඇති අඩුපාඩු වෙනස් කර නව ආකාරයකට ක්‍රියාත්මක කරන බවයි, අමාත්‍යවරයා අවධාරණය කළේ.

 

Share This