වර්ජනයක් ගැන බස් සංගම්වලින් ඉඟියක්
පොලිසිය විසින් මෝටර් රථ ආඥ පනත උල්ලංගන කරමින් සිටින බව සමස්ථ ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය පවසනවා.
මෙය අඛණ්ඩව සිදු වන්නේ නම් ඊට විරුද්ධව වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට සැලැසුම් කර ඇති බවයි, එහි සභාපති ගැමුණු විජේරත්න මහතා අවධාරණය කළේ.
කෙසේ වෙතත් අදාළ වර්ජනය ලබන සතියේ සිදු කිරීමට වර්ජනය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බව ද ඔහු කියාසිටියා.
තමන් මුහුණ දෙන මෙම අසීරුතාව මඟහරවා ගැනීමට පොලිස්පතිවරයා සමඟ සාකච්ඡාවක් ඉල්ලා ඇති බවත් ඉන් අනතුරුව අවසන් තීරණයක් ගන්න බවයි, සභාපතිවරයා ප්රකාශ කළේ.