උණ්ඩියල් සහ හවාලා ක්රම අනීතික නැහැ
හර්ෂ ද සිල්වා මැතිසබයේදී කියයි
උණ්ඩියල් සහ හවාලා ක්රම ශ්රී ලංකාව තුළ අනීතික නොවන බව සමගි ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසනවා.
අද (08) පාර්ලිමේන්තුවේදී යෝජනා කිහිපයක් ඉදිරිපත් කරමින් මන්ත්රීවරයා මේ බව කියා සිටියා.
කෙසේ වෙතත් එම ක්රම කිසිඳු ආකාරයකින් නියමනය නොවන බවද මන්ත්රීවරයා පෙන්වා දුන්නා.
“ඒ නිසා 2024 වසරේ ජුනි මස සිට 2025 වසරේ මැයි මස දක්වා වන මාස 12 ඇතුළත මෙම හවලා සහ උණ්ඩියල් ක්රමවලට, මුදල්වල වටිනාකම අන්තර් ජාතිකව ගණුදෙනු කරන අය ලියාපදිංචි විය යුතු බවට වන යෝජනාව සම්බන්ධයෙන් කාරක සභාව විසින් මහ බැංකුවෙන් ඉල්ලීමක් කළා.. මේ සම්බන්ධයෙන් ගැඹුරු සමාලෝචනයක් කර වාර්තාවක් ඉදිරිපත් කරන්න කියලා.. එය සම්මතකර අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තියනවා..”