දැඩි මීදුම හේතුවෙන් එක්සත් රාජධානියේ ගුවන් තොටුපළ කිහිපයකටම බාධා
බ්‍රිතාන්‍යයේ හීත්රෝ සහ ගැට්වික් හි ගුවන් තොටුපොලවල ගුවන් ගමන් විශාල් සංඛ්‍යාවක් අවලංගු කර හෝ ප්‍රමාද කර ඇති බව විදෙස් වාර්තා පවසනවා.
ඒ එම ප්‍රදේශවල අධික මීදුම් සහිත තත්ත්වයක් පැවතීමත් සමගයි.
එක්සත් රාජධානියේ ප්‍රධාන ගුවන් ගමනාගමන පාලන සැපයුම්කරු පැවසුවේ අඩු දෘශ්‍යතාවක් ඇති ස්ථාන සඳහා “තාවකාලික” ගුවන් සීමා කිරීම් පවතිනු ඇති බවයි.
එංගලන්තයේ සහ වේල්සයේ බොහෝ ප්‍රදේශවල මීදුම පවතිනු ඇති බවත්, විශේෂයෙන් දකුණු ප්‍රදේශවල එය වැඩි කාලයක් පවතිනු ඇති බවත් ඔවුන් සඳහන් කර තිබෙනවා.
මේ නිසා ගුවන් තොටුපොලට පැමිණීමට පෙර මගීන්ට ඔවුන්ගේ ගුවන් ගමන් තත්ත්වය පිළිබඳ පරීක්ෂා කරන ලෙසයි උපදෙස් දී ඇත්තේ.
මේඅතර, මෝටර් රථ හිමියන්ට මාර්ගවල ගමන් කිරීමේදී අමතර සැලකිල්ලක් දක්වන ලෙසත් අනතුරු අඟවා ඇති බව සඳහන්.