උදයංග වීරතුංගට ඇප

උදයංග වීරතුංගට ඇප

රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා අද (17) ඇප මත මුදා හැරීමට නුගේගොඩ මහෙස්ත්‍රාත්වරයා විසින් නියෝග කර තිබෙනවා.

ඒ අනුව රුපියල් 10,000 ක මුදල් ඇපයක් සහ ශරීර ඇප 2 ක් මත උදයංග වීරතුංග මහතා මුදාහැර ඇති බවයි සඳහන් වෙන්නේ.

අසල්වැසියෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මිරිහාන පොලීසිය සිදුකළ පරීක්ෂණයකට අනුව පසුගිය 10 වනදා ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කර තිබුණා.

Share This