බිහිසුණු අනතුරකින් කාන්තාවන් දෙදෙනෙක් මරුට

නෙළුව- තලවත්ත මාර්ගයේ ධාවනය වූ ත්‍රිරෝද රථයක් සහ තේ දළු රැගෙන ගිය ලොරි රථයක් මුණට මුහුණ ගැටී අනතුරක් සිදුවී ඇත.
මෙම අනතුරෙන් කාන්තාවන් දෙදෙනා මියගොස් ඇති අතර ඔවුන් නෙළුව කළුබෝවිටියාව ප්‍රදේශයේ පදිංචිකරුවන්ය.
තේ දළු රථය සහ ත්‍රිරෝධ රථය හයේ කණුව ප්‍රදේශයේදී මුහුනට මුහුණ ගැටී ඇති අතර එම රථ දෙක පොලිස් භාරයට ගෙන වැඩිදුර විමර්ශන සිදුකරයි.
- චන්දන ලක්මාල්