කාන්තාවකගෙන් ලක්ෂ 10ක කප්පමක් ඉල්ලූ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට
දුරකථනයෙන් මරණ තර්ජන එල්ල කර කාන්තාවකගෙන් කප්පම් මුදලක් ඉල්ලීම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය මගින්.
පසුගිය 04 වැනිදා කැලණිය – දිප්පිටිගොඩ ප්‍රදේශයේ කාන්තාවකගෙන් විදේශ රටක සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු විසින් පුද්ගලයින් යොදවා දුරකථනයෙන් මරණ තර්ජනය එල්ල කර රුපියල් ලක්ෂ 10 ක කප්පම් මුදලක් ඉල්ලා තිබුණා.
ඒ සම්බන්ධයෙන් සිදුකළ පැමිණිල්ලකට අනුව, බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය විසින් විමර්ශන ආරම්භ කර තිබෙනවා.
ඒ අනුව මෙම අපරාධයට ආධාර අනුබල දුන් සැකකරුවන් දෙදෙනෙකු ඊයේ (22) පෙරවරුවේ කිරිබත්ගොඩ, දළුගම ප්‍රදේශයේදී හා පෑලියගොඩ, පට්ටිය හන්දිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමටයි කටයුතු කර ඇත්තේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 35 හා 53 යන වයස්වල පසුවන කැලණිය ප්‍රදේශයේ පදිංචිකරුවන් වනවා.
සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය විසින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.