සැඩ පහරකට හසුව ගසාගෙන ගිය, පුද්ගලයින් දෙදෙනෙක් අතුරුදන්
වාලච්චේන පොලිස් වසමේ – පුලිපංචිකල් ප්‍රදේශයේදි ගංවතුරට හසුව පුද්ගලයින් දෙදෙනෙකු ගසාගෙන ගොස් අතුරුදහන්ව තිබෙනවා.
ඒ, පිළිබඳ ඊයේ (25) වාලච්චේන පොලීසියට ලද පණිවුඩයක් සම්බන්ධයෙන් මේ වනවිට විමර්ශනයක් ආරම්භකර ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ.
එලෙස අතුරුදහන් වී ඇත්තේ, අවුරුදු 52 හා 71 යන වයස්වල පසුවන සන්දිවේලි ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙක්.
මෙම පුද්ගලයින් දෙදෙනා එළවළු රැගෙන ඒම සඳහා වගා භූමියට ගොස් නැවත පැමිණෙමින් සිටියදී මෙලෙස පුලිපංචිකල්ඔයේ ගංවතුරෙහි සැඩ පහරට හසුව ගසාගෙන ගොස් ඇති බව වාර්තා වනවා.
ඒ අනුව ලද පැමිණිල්ල මත අතුරුදහන් වූ පුද්ගලයින් දෙදෙනා සොයා වාලච්චේන පොලීසිය විසින් විමර්ශන ආරම්භ කර තිබෙනවා.