කුකුළු මස් කිලෝවක් අල්ලස් ලෙස ගත් නිළධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට

කුකුළු මස් කිලෝවක් අල්ලස් ලෙස ගත් නිළධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට

රුපියල් 1170ක් වටිනා කුකුළු මස් කිලෝවක් අල්ලස් වශයෙන් ලබා ගත් මීරිගම ප්‍රාදේශීය සභාවේ පුද්ගලයින් දෙදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, එම ප්‍රාදේශීය සභාවේ වේවැල්දෙණිය උප කාර්යාලයේ සේවය කරන වැඩබලන ආදායම් නිලධාරීවරයෙක් සහ මාර්ග අංශයේ කම්කරුවෙක්.

කොස්ගම ප්‍රදේශයේ පුද්ගලයෙකුට, ඔහුගේ වෙළඳසැලේ 2025 වර්ෂයට අවශ්‍ය වාර්ෂික වෙළඳ බලපත්‍රය ලබාගැනීමට අවශ්‍ය කටයුතු කරදීමට නම් කුකුළු මස් කිලෝවක් ලබාදෙන ලෙසට අදාළ නිළධාරීන් ඉල්ලා තිබෙනවා.

ඒ අනුව වෙළඳසැල් හිමියා විසින් කරන ලද පැමිණිල්ලකට කුකුළු මස් කිලෝවක් අල්ලස් වශයෙන් ඉල්ලා ඇති මෙම නිළධාරීන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ පැමිණිලිකරුගේ වෙළදසැල ඉදිරිපිටදී යි.

අදාළ සැකකරුවන් දෙදෙනා අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

Share This