දිය අනතුරකින් විදේශීය ජාතිකයින් දෙදෙනෙකු බේරා ගැනේ

දිය අනතුරකින් විදේශීය ජාතිකයින් දෙදෙනෙකු බේරා ගැනේ

අහුන්ගල්ල වෙරළ තීරයේ දිය වැලකට හසුවී ගසාගෙන යමින් සිටි විදේශීය ජාතිකයින් දෙදෙනෙකු බේරාගැනීමට ජීවීතාරක්ෂක ඒකකයට අනුයුක්ත පොලිස් නිළධාරීන් සමත්ව තිබෙනවා.

ඊයේ (22) දහවල් කාලයේදී අහුන්ගල්ල පොලිස් වසමේ අහුන්ගල්ල වෙරළ තීරයේ දියනෑමට ගිය විදේශීය ජාතික කාන්තාවක් හා පුද්ගලයෙකු මෙලෙස දිය වැලකට හසුවී ගසාගෙන ගොස් තිබුණා.

58 හැවිරිදි කාන්තාවක් හා 59 හැවිරිදි පිරිමි පුද්ගලයා එලෙස අනතුරුට ලක්ව තිබු අතර ඔවු එංගලන්ත ජාතිකයින් වනවා.

එම අවස්ථාවේදී එහි රාජකාරීයේ යෙදී සිටි පොලිස් ජීවිතාරක්ෂක ඒකකයට අනුයුක්ත පොලිස් නිලධාරින් විසින් ඔවුන් බේරාගෙන මූලික ප්‍රතිකාර ලබා දීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා බලපිටිය මූලික රෝහලට ඇතුලත් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

ප්‍රතිකාර ලබාගැනීමෙන් ඔවුන් පිටවගොස් තිබෙනවා.

Share This