A- 35 මාර්ගයේ පාලමක් යට නාදුනන මළ සිරුරු දෙකක්
කිලිනොච්චිය ඒ- 35 මාර්ගයේ පුලියන්පොක්කනෙයි ප්රදේශයේ 10 කනුව ස්ථානයේ පිහිටි ඉදිකරමින් පවතින පාලමක් යට තිබී හඳුනානොගත් පුද්ගල මළසිරුරු දෙකක් අද (02) උදෑසන සොයාගත් බවට කිලිනොච්චිය පොලීසිය පවසනවා.
මෙම පුද්ගල මළසිරුරු ප්රදේශවසියෙකු දැක පොලීසියට දැනුම් දීමට පියවර ගෙන තිබුණා.
අදාල ස්ථානයට පැමිණි පොලිස් නිලධාරීන් විසින් මළසිරුරු තිබූ ස්ථානය පරික්ෂා කොට ඇති අතර එම ස්ථානයේ තිබී හෙල්මට් දෙකක්ද සොයාගෙන තිබූ බව සඳහන්.
අනතුරුව මිය ගිය අයගේ මළසිරුරු ගොඩට ගැනීමට පියවර ගනු ලැබුවා.
මෙලෙස මිය ගොස් ඇති පුද්ගලයින් දෙදෙනා කවුරුන්දැයි යන්න මෙතෙක් හඳුනාගෙන නෙමැති අතර අනතුරකින් මිය ගොස් ඇත්දැයි ද හෝ ඝාතනයක් දැයි යන්න මෙතෙක් අනාවරනය වී නැහැ.
කිලිනොච්චිය මහෙස්ත්රාත්වරයා විසින් ස්ථානීය මරණ පරික්ෂණයක් සිදු කිරීමට නියමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් කිලිනොච්චිය පොලීසිය වැඩිදුර පරික්ෂණ සිදුකරයි.