නිරුවත් ඡායාරූප වට්ස්ඇප් කළ දෙදෙනෙක් අත්අඩංගුවට

අසභ්‍ය වීඩියෝ දර්ශන සහ නිරුවත් ඡායාරූප අන්තර්ජාලය හරහා යොමු කරමින් ලිංගික ඉරි හැර සිදුකිරීමේ සිද්ධීන් දෙකකට අදාළව සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව පරිගණක අපරාධ විමර්ශන වයඹ පළාත් ඒකකය පවසයි.
මෙම පළමු සැකකරු අවුරුදු තිස් දෙකක් වන අතර බණ්ඩාරගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර අනෙක් පුද්ගලයා අවුරුදු 29 පන්නිපිටි ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලිසිය පවසයි.
මෙම ඡායාරූප සහ වීඩියෝ දර්ශන whatsapp ඇතුළු සමාජ මාධ්‍ය ඔස්සේ යොමු කර ඒවා ප්‍රචාරය කරන බව තර්ජනය කරමින් රුපියල් 222,000 මුදලක් බලෙන් ලබා ගැනීම සම්බන්ධයෙන් එම අපරාධ විමර්ශන ඒකකය පැමිණිල්ලක් ලැබී ඇත.
එම පැමිණිලි අනුව සිදුකරන ලද විමර්ශනයකදී එක් පුද්ගලයෙක් කහතුඩුව සහ කොළඹදී ඊයේ (08) දහවල් අත්අඩංගුවට ගෙන ඇත.
වැඩිදුර පරීක්ෂණ පරිගණක අපරාධ විමර්ශන ඒකකය ක්‍රියාත්මක කරයි.
චන්දන ලක්මාල්