කාබන් මොනොක්සයිඩ් විෂ වීමෙන් පුද්ගලයන් 12 දෙනෙක් අවසන් ගමන් යයි

කාබන් මොනොක්සයිඩ් විෂ වීමෙන් පුද්ගලයන් 12 දෙනෙක් අවසන් ගමන් යයි

‘ජෝර්ජියා ස්කී රිසෝට්’ හි කාබන් මොනොක්සයිඩ් විෂ වීමෙන් පුද්ගලයින් දොළොස් දෙනෙක් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එම වාර්තාවන්ට අනුව මියගිය පිරිස අතර විදේශිකයන් 11 දෙනෙකුගේ සහ එක් ජෝර්ජියානු ජාතිකයෙකුගේ සිරුරු ඇති බව සඳහන්.

මියගිය පුද්ගලයින්ගේ දේහයන් පිළිබඳව කරන ලද මූලික පරීක්‍ෂණවලින් හෙළිව ඇත්තේ, ප්‍රචණ්ඩත්වයේ කිසිදු හෝඩුවාවක් පෙන්නුම් නොකරන බවයි.

අදාළ පුද්ගලයින් නිදා සිටි කාමරය ආසන්නයේ සංවෘත ඉඩක තිබූ විදුලි ජනන යන්ත්‍රයක් විදුලිය ඇනහිටීමකින් පසු පෙරේදා ක්‍රියා විරහිත වීමකට ලක්ව තිබෙනවා.

පසුව ‘තෙල් බලයෙන් ක්‍රියාත්මක වන ජනන යන්ත්‍රයක්’ ක්‍රියාත්මක කර ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව මෙය හදිසි අනතුරක් ලෙස මූලික පරීක්ෂණ මඟින් අනාවරණයව ඇති බව වැඩිදුරටත් සඳහන්.

ජෝර්ජියානු අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයට අනුව මෙම පුද්ගලයින් අවන්හලේ සේවකයින් යැයි අනුමාන කෙරෙන බවත් සඳහන්.

Share This