ට්‍රම්ප් 2020 ජනාධිපතිවරණයේ ප්‍රතිඵලය කණපිට හැරවූ බව ඇත්තක්

අමෙරිකානු අධිකරණ දෙපාර්තමේන්තු වාර්තාවක් නිකුත් කරයි

ට්‍රම්ප් 2020 ජනාධිපතිවරණයේ ප්‍රතිඵලය කණපිට හැරවූ බව ඇත්තක්

2020 ජනාධිපතිවරණයේ ප්‍රතිඵලය නීති විරෝධී ලෙස අවලංගු කිරීමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් තේරී පත් වූ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වරදකරු කරමින් අමෙරිකානු අධිකරණ දෙපාර්තමේන්තු වාර්තාවක් නිකුත් කර තිබෙනවා.

විශේෂ නීතිඥ ජැක් ස්මිත්ගේ මෙම වාර්තාවේ සඳහන් වන්නේ, තේරී පත් වූ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වරදකරුවෙකු කිරීමට ප්‍රමාණවත් සාක්ෂි තමන් සතුව ඇති බවයි.

පිටු 137 කින් යුත් ඊයේ මධ්‍යම රාත්‍රියේදී කොංග්‍රසයට නිකුත් කර ඇති මෙම වාර්තාව “ව්‍යාකූල” වන අතර, ස්මිත්ගේ සොයාගැනීම් “ව්‍යාජ” බව නව ජනපති ට්‍රම්ප් පවසා තිබෙනවා.

මෙම වාර්තාව මගින් පසුගිය 2020 අමෙරිකානු ජනපතිවරණ ප්‍රතිඵලය ආපසු හැරවීමට නිලධාරීන්ට බලපෑම් කිරීම, මැතිවරණ වංචා පිළිබඳ දැන දැනම බොරු පතුරුවා හැරීම සහ 2021 ජනවාරි 6 වන දින අමෙරිකා එක්සත් ජනපද කැපිටල් ගොඩනැගිල්ලේහි ඇති වූ කෝලාහලය තවදුරටත් උත්සන්න කිරීමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් ට්‍රම්ප්ට චෝදනා එල්ල වනවා.

නමුත් එහි සඳහන් කිසිදු වරදක් ප්‍රතික්ෂේප කරන ට්‍රම්ප් පවසා ඇත්තේ තමන් සියලු චෝදනාවලට නිවැරදිකරු බවයි.

චෝදනා එල්ල වූ අපරාධ සිදුවන අවස්ථාවේ ජනාධිපති ධුරය දැරූ ට්‍රම්ප්, පසුව වසර හතරක් ධුරයෙන් ඉවත්ව සිටියා.

කෙසේ වෙතත් පසුගිය නොවැම්බර් මාසයේදී සාර්ථකව නැවත ධවල මන්දිරයට තේරී පත් වූ ඔහු ලබන සතියේ නැවත ජනාධිපති ධුරයට පත්වනු ඇති.

2024 ඡන්දයෙන් ඔහු ලැබූ සාර්ථකත්වයෙන් පසු, ඔහු අරගල කරමින් සිටි විවිධ නීතිමය ගැටළු බොහෝ දුරට අතුරුදහන් වී තිබෙනවා.

මෙම නඩුවේදී සහ තවත් එක් නඩුවකදී ඔහුව විමර්ශනය කළ විශේෂ නීතිඥ ජැක් ස්මිත්, ට්‍රම්ප් නැවත පැමිණීමට පෙර ඔහුගේ තනතුරෙන් ඉල්ලා අස්වීමත් විශේෂ්ත්වයක්.

Share This