යේමනයේ හවුති ප්‍රහාර සඳහා ඉරානය වගකිව යුතු බවට ට්‍රම්ප් අනතුරු අඟවයි

යේමනයේ හවුති කැරලිකරුවන් විසින් සිදු කරනු ලබන ඕනෑම ප්‍රහාරයක් සඳහා ඉරානය වගකිව යුතු බවට එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තර්ජනය කරයි.
එය ටෙහෙරානයේ රජයට එරෙහිව ඔහුගේ පීඩන ව්‍යාපාරයේ තීව්‍රතාවයකි.
“කවුරුවත් රැවටෙන්න එපා. යේමනයේ වෙසෙන දුෂ්ට මැරයන් වන හවුති විසින් සිදු කරනු ලබන සිය ගණනක් ප්‍රහාර යේමන ජනතාවගේ වෛරයට පාත්‍ර වෙලා තියෙනවා. ඒවා ඉරානයෙන් ආරම්භ වන අතර ඒවා නිර්මාණය කරනු ලබන්නේ ඉරානය විසිනි” යනුවෙන් ට්‍රම්ප් සඳහන් කර තිබේ.
- සඳුනි තිලකරත්න