යුක්‍රේනයේ ‘හාස්‍යජනක යුද්ධය’ අවසන් කරන ලෙස ට්‍රම්ප් පුටින්ට පවසයි

යුක්‍රේනයේ ‘හාස්‍යජනක යුද්ධය’ අවසන් කරන ලෙස ට්‍රම්ප් පුටින්ට පවසයි

යුක්‍රේනයේ යුද්ධය අවසන් කිරීමට ව්ලැඩිමීර් පුටින් අපොහොසත් වුවහොත් රුසියාවට ඉහළ තීරුබදු සහ තවදුරටත් සම්බාධක පනවන බවට මරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අඟවා තිබෙනවා.

ඒ ඔහුගේ සමාජ මාධ්‍ය වේදිකාවක් වන Truth Social හි සටහනක් තබමින්.

යුද්ධය සමථයකට පත් කිරීමට ඔහු රුසියාවට සහ එහි ජනාධිපතිවරයාට “ඉතා විශාල අනුග්‍රහයක්” කරන බවයි එහිදී ට්‍රම්ප් පවසා ඇත්තේ.

2022 පෙබරවාරි මාසයේදී දියත් කරන ලද රුසියාවේ පූර්ණ පරිමාණ ආක්‍රමණයට තමන් ජ්නපති වූ පසු එක දිනකින් විසඳුමක් සාකච්ඡා කරන බව ට්‍රම්ප් මීට පෙර පවසා තිබුණා.

රුසියාව තවමත් ජනපති ට්‍රම්ප්ගේ මෙම ප්‍රකාශයන්ට ප්‍රතිචාර දක්වා නැති නමුත් මෑත දිනවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පවසා ඇත්තේ රුසියාවට නව අමෙරිකා එක්සත් ජනපද පරිපාලනය සමඟ කටයුතු කිරීමට අවස්ථාවක් ඇති බවයි.

2014 දී මුලින්ම ආරම්භ වූ යුද්ධය අවසන් කිරීම සඳහා සාකච්ඡා කිරීමට තමන් සූදානම් බව රුසියානු ජනපති පුටින් නැවත නැවතත් පවසා ඇත තිබෙනවා.

නමුත් යුක්‍රේනයට රුසියාව දැනටමත් අත් පත් කරගෙන ඇති භූමිය රුසියාවටම ලබා දීමට සිදුවණු ඇති බවත්, දැනටමත් රුසියාව යුක්‍රේන භූමියෙන් සියයට 20 ක් පමණ ග්‍රහනය කර ගෙන ඇති බවත් ජනපති පුටින් පවසනවා.
යුරෝපීය නායකයන් කොතෙක් උත්සහ කළත්, යුක්‍රේනය නේටොව හා එක් වීමත් තමන් දැඩි ලෙස ප්‍රතික්ෂේප කරන බවයි රුසියානු ජනපති පුටින් අවධාරණය කර ඇත්තේ.

 

Share This