තව ටික කාලයක් ටික්ටොක් තබා ගැනීම වටිනවා
තවත් කෙටි කාලයක් ටික් ටොක් සමාජ මාධ්‍ය අමෙරිකාවේ ක්‍රියාත්මක වීමට ඉඩ ලබා දිය යුතු බව ජනාධිපති ධුරයට තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබෙනවා.
ඒ තම ජනාධිපතිවරණ ව්‍යාපාරය අතරතුර ටික් ටොක් සමාජ මාධ්‍ය වේදිකාව මගින් බිලියන ගණනක අදහස් ලැබී ඇති බව පවසමින්.
මේ නිසා කෙටි කලකට එක්සත් ජනපදය තුළ ටික්ටොක් ක්‍රියාත්මක වීමට ඉඩ දීමට තමා කැමති බවයි ට්‍රම්ප් පවසා ඇත්තේ.
ඇරිසෝනා හි ෆීනික්ස් හි කොන්සර්වේටිව් ආධාරකරුවන් පිරිසක් ඉදිරියේ අදහස් පළ කරමින්, ට්‍රම්ප් අමෙරිකා එක්සත් ජනපද වෙළෙඳපොළෙන් ටික්ටොක් ඉවත් වීමට ඔහු විරුද්ධ බවට කළ ප්‍රබලම සංඥාව මෙය බවයි විචාරකයන් පවසන්නේ.
කෙසේ වෙතත් අමෙරිකාවේ ටික්ටොක් හි චීන මව් සමාගම වන ByteDance යෙදුම අමෙරිකාවෙන් ඉවත් කිරීමට අවශ්‍ය බව පවසමින් අමෙරිකා එක්සත් ජනපද සෙනෙට් සභාව අප්‍රේල් මාසයේදී නීතියක් සම්මත කළා.
ඒ ටික් ටොක් සමාජ මාධ්‍ය මගින් ජාතික ආරක්ෂක ගැටළු ඇති කරන බව උපුටා දක්වමින්.
ටික්ටොක් හි හිමිකරුවන් මෙම නීතිය අහෝසි කිරීමට උත්සාහ කර ඇති අතර, අමෙරිකා එක්සත් ජනපද ශ්‍රේෂ්ඨාධිකරණය නඩුව විභාග කිරීමට එකඟ වී තිබෙනවා.
නමුත් අධිකරණය ByteDance ට පක්ෂව තීන්දුවක් ලබා නොදුනහොත් ට්‍රම්ප් බලයට පත්වීමට දිනකට පෙර ජනවාරි 19 වන දින අමෙරිකා එක්සත් ජනපදයේ ටික්ටොක් යෙදුම තහනම් කළ හැකියි.