ඩොනල්ඩ් ට්‍රම්ප් අද ජනාධිපති ධුරයේ දිවුරුම් දෙයි
විධායක නියෝග කුණාටුවක්
ඩොනල්ඩ් ට්‍රම්ප් අද අමෙරිකානු ජනාධිපති ධුරයේ දිවුරුම් දීමට නියමිතයි.
ඒ පසුගිය අමෙරිකානු ජනපතිවරණයෙන් කමලා හැරිස්ව පරාජයට පත් කරමින් ලැබූ ඓතිහාසික ජයග්‍රහණයත් සමගයි.
2017- 2021 ජනපති ලෙස කටයුතු කළ ඔහු අද නැවත වරක් අමෙරිකානු ජනපති ධූරයේ වැඩ භාර ගන්නේ 47වන ජනපති ලෙසින්.
JD Vance ඔහුගේ උප ජනපති ලෙස කටයුතු කරනු ඇති. සිය පදවි ප්රාප්ති උත්සවයට පෙර වොෂින්ටන් හි දහස් සංඛ්‍යාත ආධාරකරුවන් පිරිසක් අමතමින්, ඉදිරි වසර හතර පිළිබඳ පෙරදසුනක් ලබා දෙමින් සහ ඩිමොක්රටික් පක්ෂයට එරෙහිව ට්‍රම්ප් ඔහුගේ මැතිවරණ ජයග්‍රහණය සමරා තිබෙනවා.
රිපබ්ලිකන් පක්ෂය තම නව ජනාධිපති බලතල භාවිතා කරමින්, පිටුවහල් කිරීමේ මෙහෙයුම් දියත් කිරීමට සහ පාරිසරික රෙගුලාසි කප්පාදු කිරීමට, පුළුල් පරාසයක ගැටළු සම්බන්ධයෙන් ඒකපාර්ශ්විකව ක්‍රියා කිරීමට පොරොන්දු වන බවයි ඔහු එහිදී සඳහන් කර ඇත්තේ.
තමන් ඓතිහාසික වේගයකින් හා ශක්තියකින් ක්‍රියා කර රට මුහුණ දෙන සෑම අර්බුදයක්ම විසඳන බවට ඔහු එහිදී ජනතාවට පොරොඳු වී තිබෙනවා.
දිවුරුම් දීමට පැය කිහිපයකට පෙර, එම ජයග්‍රාහී රැලිය අමතමින් ට්‍රම්ප් පවසා ඇත්තේ තමන් වැඩ භාර ගන්නා පළමු දිනයේම විධායක නියෝග රැසකට අත්සන් කරන බවයි.
විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ ට්‍රම්ප් සඳුදා විධායක ක්‍රියාමාර්ග 200කට වඩා නිකුත් කළ හැකි බවයි.