ඩොනල්ඩ් ට්‍රම්ප් අවුරුදු 13ක දරුවෙකු රහස් ඔත්තු සේවයට බදවා ගනී

ඩොනල්ඩ් ට්‍රම්ප් අවුරුදු 13ක දරුවෙකු රහස් ඔත්තු සේවයට බදවා ගනී

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය ජනාධිපති ආරක්ෂක අංශය හෙවත් අමෙරිකානු රහස් ඔත්තු සේවයට වයස අවුරුදු 13ක දරුවෙක් පත්කරගෙන තිබෙනවා.

ඔහු 13 හැවිරිදි වියෙහි පසුවන D J ඩැනියෙල් නමැති දරුවෙක්.

ඔහු 2018 වසරේදී මොළයේ පිළිකාවකට ගොදුරුවී ඇති බවට හඳුනා ගැනුණා.

පිළිකාව හදුනා ගන්නා විටත් බරපතල තත්වයේ පසුවූ ඩැනියෙල්ට ජීවති විය හැක්කේ තවත් මාස 5 ක් පමණක් බවයි එවක වෛද්‍යවරුන් සඳහන් කර ඇත්තේ.

කෙසේ වෙතත් මේ වනවිට අවුරුදු 6ක් පුරා තවදුරටත් ජීවත් වන ඩැනියෙල්ගේ සිහින වූයේ අමෙරිකානු පොලිස් නිලධාරියෙක් වීමයි.

ජනාධිපතිවරයාගේ කතාව නැරඹීමට පවා හූස්ටන් පොලිස් නිළධාරීන්ගේ නිළ ඇදුමින් සැරසී පැමිණ සිටි ඩැනියෙල් එකවරම පුදුමයට පත්කරමින් ඔහුව රහස් ඔත්තු සේවයට බදවා ගන්නා බව ජනාධිපතිවරයා නිවේදනය කළ බව විදෙස් මාධ්‍යවල සඳහන්.

ජනාධිපතිවරයාගේ නිවේදනයත් සමගම රහස් ඔත්තු සේවයේ අධ්‍යක්ෂකවරයා වූ ෂේන් ඩැනියෙල්ට නිළ ලාංඡන පළදවමින් ඔහුව සිය කණ්ඩායමට බදවා ගත්තා.

අෙමරිකානු ජනාධිපතිවරයාගේ සම්පූර්ණ ආරක්ෂාව භාරව කටයුතු කරන්නේ රහස් ඔත්තු සේවාව විසින්.

Share This