මහනුවර – මහියංගන මාර්ගයේ ගමනාගමනයට සීමාවක්
මහනුවර මහියංගන මාර්ගයේ 18 වංගුව ආශ්රිත මාර්ගය නැවත දැනුම් දෙන තුරු පස්වරු 6.00 සිට රාත්රී කාලයේ වසා දැමීමට තීරණය කර තිබෙනවා.
මහනුවර දිස්ත්රික් ලේකම් කාර්යාලයේ අද (21) පැවැති සාකච්ඡාවේදී මෙම තීරණය ගත් බවයි, දිස්ත්රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා ප්රකාශ කළේ.
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මේ වන විට හුන්නස්ගිරිය කහටගොල්ල ප්රදේශය ආශ්රිතව මහා මාර්ගයට ගල් පෙරළී ඇති බව ඔහු වැඩිදුරටත් කියා සිටියා.
තවදුරටත් ගල් පෙරළීමේ අවදානමක් ඇති බැවින් 21 දින සිට සවස 06 සිට පෙරවරු 06 දක්වා වූ කාලය තුළ නැවත දන්වන තුරු මෙම මාර්ගය වසා දමනු ඇති.
අවදානම් සහගත ගල් ඉවත් කිරීමෙන් අනතුරුව නැවත විවෘත කිරීමට බලාපොරොත්තු වන බවයි,ඉන්දික උඩවත්ත මහතා කියා සිටියේ.
කෙසේවෙතත් දහවල් කාලේ වුවද මාර්ගයට ගල් පෙරළීමේ අවදානමක් පවතින බැවින් දහවල් කාලයේ මෙම මාර්ගය භාවිතා කරන රියදුරන් ඉතාමත් කල්පනාකාරීව කටයුතු කළ යුතු බව මහනුවර දිස්ත්රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා වැඩිදුරටත් ඉල්ලීමක් කළා.