කොළඹ – අවිස්සාවේල්ල මාර්ගයේ රථවාහන තදබදයක් ගැන දැනුම්දීමක්

කොළඹ – අවිස්සාවේල්ල මාර්ගයේ  රථවාහන තදබදයක් ගැන දැනුම්දීමක්

කොළඹ – අවිස්සාවේල්ල ලෝලෙවල් මාර්ගයේ අද (4) පස්වරු 4 සිට පැය 3ක පමණ කාලයක් අධික රථවාහන තදබදයක් ඇතිවිය හැකි බව පොලීසිය පවසයි.

ඒ, බෝමිරිය මධ්‍ය මහා විද්‍යාලය ආරම්භකර වසර 106ක් සපිරීම නිමිත්තෙන් එම විද්‍යාලය සංවිධානය කරන වීථි පෙරහරක් හේතුවෙනි.

අලි ඇතුන් ඇතුළු නර්තන කණ්ඩායම් 25කට ආසන්න ප්‍රමාණයක සහභාගිත්වයෙන් අදාළ වීථි පෙරහර පස්වරු 04.00ට ආරම්භ වනු ඇත.

නවගමුව සුගතබිම්බාරාමය පුරාණ රජමහා විහාරස්ථානයේ සිට එම විද්‍යාලය දක්වා සංචාරය කිරීමට කටයුතු යොදා තිබේ.

ඒ අනුව නවගමුව දේවාලය අසල සිට කඩුවෙල දෙසට බෝමිරිය මධ්‍ය මහා විද්‍යාලය දක්වා ප්‍රධාන මාර්ගයේ කිලෝමීටර් 3කට ආසන්න දුරක් රථවාහන තදබදය ඇතිවිය හැකි බව පොලිසිය සඳහන් කරයි.

ඒ හේතුවෙන් විකල්ප මාර්ගය භාවිත කරන මෙන් පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.

කොළඹ සිට අවිස්සාවේල්ල දක්වා ගමන්කරන සියළුම වාහන මාර්ග අංක 143 මාර්ගය ඔස්සේ ගමන් කළ හැකිය.

අවිස්සාවේල්ල සිට කොළඹ දෙසට ගමන් ගන්නා වාහනවලින් බර වාහන රණාළ සියඹලාගහ හන්දියෙන් හරවා ඔරුවල හන්දියෙන් වෙලේ හන්දිය, කඩුවෙල දක්වාත්, සැහැල්ලු වාහන නවගමුව හන්දියෙන් වදුරමිමුල්ල සිට කොරතොට කඩුවෙල දක්වාත් ගමන් කිරීමට හැකියාව ඇත.

Share This