අද ඩොලරයේ මිල

අද ඩොලරයේ මිල

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (16) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 285.99ක් ලෙස සහ විකුණුම් මිල රු. 294.56ක් ලෙස පහළ ගොස් තිබෙනවා.

ඒ අනුව අද දින ප්‍රධාන වානිජ බැංකු කිහිපයක ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල ගණන් පහතින් දැක්වෙනවා.

  • ලංකා බැංකුවේ ඩොලරයේ ගැනුම් මිල රු.286.30ක් ලෙස දැක්වෙන අතර විකුණුම් මිල රු.294.30ක් ලෙස දැක්වෙනවා.
  • ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ ඩොලරයේ ගැනුම් මිල රු.283.44ක් සහ විකුණුම් මිල රු.294.99ක් ලෙස සඳහන්.
  • හැටන් නැෂනල් බැංකුවේ ඩොලරයේ ගැනුම් මිල රු.286.50ක් වන අතර විකුණුම් මිල රු.293.50ක් වනවා.
  • සෙලාන් බැංකුවේ ඩොලරයේ ගැනුම් මිල රු.287.00ක් බවත් විකුණුම් මිල රු.294.00ක් බවටත් දැක්වෙනවා.
  • කොමර්ෂල් බැංකුවේ ඩොලරයේ ගැනුම් මිල රු.284.45ක් සහ විකුණුම් මිල රු.294.30ක් ලෙස සඳහන්.
  • අමානා බැංකුවේ ඩොලරයේ ගැනුම් මිල රු. 287.85ක් ලෙසත් විකුණුම් මිල රු.292.85ක් ලෙසටත් වාර්තා වනවා.
Share This