අමෙරිකානු තහනමට එරෙහිව අද ටික් ටොක් අවසන්වරට ශ්‍රේෂ්ඨාධිකරණයට

අමෙරිකානු තහනමට එරෙහිව අද ටික් ටොක් අවසන්වරට ශ්‍රේෂ්ඨාධිකරණයට

ටික් ටොක් ආයතනය අද අමෙරිකා එක්සත් ජනපද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙනී සිටීමට නියමිත බව විදෙස් මාධ්‍ය පවසනවා.
ඒ තම අමෙරිකානු තහනම අවලංගු කිරීමේ අවසාන උත්සාහය ලෙසයි.

මෙම නඩුව අමෙරිකානු ජාතික ආරක්ෂාව සහ අමෙරිකානුවන්ගේ නිදහස් භාෂණයේ සීමාවන් පරීක්ෂා කරන නඩුවක් බවයි විචාරකයන් පවසන්නේ.

ජනප්‍රිය සමාජ මාධ්‍ය වේදිකාව, ජනවාරි 19 වන විට එහි චීන හිමිකරුගෙන් වෙන් කිරීමට හෝ අමෙරිකා එක්සත් ජනපදයෙන් ඉවත් විය යුතු බවට නියෝග කරමින් පසුගිය වසරේ අධිකරණය නියෝගය කළා.

එය අභියෝගට ලක් කරමිනුයි ටික් ටොක් සමාගම මෙලෙස ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙනී සිටින්නේ.

අමෙරිකාවේ ඔත්තු බැලීම සහ දේශපාලන උපාමාරු සඳහා චීනය විසින් ටික් ටොක් සමාජ මාධ්‍ය වේදිකාව මෙවලමක් ලෙස භාවිතා කළ හැකි බවට එක්සත් ජනපද රජය තර්ක කරනවා.

නමුත් ටික් ටොක් සමාගම එම ප්‍රකාශය ප්‍රතික්ෂේප කරමින් පවසන්නේ, අමෙරිකාව තම සමාගම අසාධාරණ ලෙස ඉලක්ක කර ඇති බවයි.

කෙසේ වෙතත් ජනවාරි 20 වනදා වැඩ භාර ගැනීමට නියමිත අමෙරිකානු නව ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවා මෙම අධිකරණ කටයුත්ත පමා කළ යුතු යැයි කලින් සඳහන් කළා. ඒ ඔහු ධූරයට පැමිණි පසු, මෙයට වඩා ප්‍රායෝගික විසඳුමක් ලබා දෙන බව පවසමින්.

ටික් ටොක් සමාගමේ අමෙරිකානු පැවැත්ම පිළිබඳව අද අමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය මගින් තීරණය කරනු ඇති අතර, බූඑදුරට මෙම පියවර මිලියන 170 ක් පමණවන අමෙරිකානු පරිශීලකයින්ගේ නිදහස් භාෂණයේ අයිතිය උල්ලංඝනය කරනු ඇති බවයි විචාරකයන් පවසන්නේ.

Share This