අමෙරිකානු රජය අපේ පැත්ත ගන්නේ නැත්නම් ඉරිදා ඉඳන් අපි ‘අඳුරුයි ‘

Tik Tok පවසයි

අමෙරිකානු රජය අපේ පැත්ත ගන්නේ නැත්නම් ඉරිදා ඉඳන් අපි ‘අඳුරුයි ‘

අමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය මගින් නිකුත් කළ තහනම ක්‍රියාත්මක වීමට පෙර, රජය මැදිහත් නොවන්නේ නම්, ඉරිදා සිට තම සමාජ මාධ්‍ය වේදිකාව අමෙරිකා එක්සත් ජනපදයේ ක්‍රියාත්මක නොවනු ඇතැයි ටික් ටොක් සමාගම පවසනවා.

ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවෙන් පසුව ප්‍රකාශයක් නිකුත් කරමිනුයි සමාගම මේ බව පවසා ඇත්තේ.

ධවල මන්දිරය සහ අධිකරණ දෙපාර්තමේන්තුව ටික් ටොක් හි සේවාව ලබා ගැනීම සඳහා තම සමාගමට සහතිකයක් ලබා දීමට අපොහොසත් වී ඇති බව ඔවුන් සඳහන් කරනවා.
ටික් ටොක් සමාජ මාධ්‍ය වේදිකාවට පනවා ඇති තහනම නොතකා ඔවුන් ක්‍රියා කළ හොත්, වීඩියෝ යෙදුමට දඬුවම් නොලැබෙන බවට සහතික කිරීමට රජය වහාම මැදිහත් විය යුතු බවයි ටික් ටොක් සමාගම පවසන්නේ.
නමුත් එවැනි සහතිකයක් ලබා දීමට අමෙරිකානු රජය අපොහොසත් වන්නේ නම්, ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයට අනුව යමින්, ජනවාරි 19 වන දින සිට මිලියන 170 ක පරිශීලකයින් සඳහා ක්‍රියාතමක නොවනු ඇති.
මෙම තහනම නිසා දැනටමත් ඔවුන්ගේ දුරකථනවල යෙදුම බාගත කර ඇති ඨික්ඨොක් පරිශීලකයින්ට බලපාන්නේ නැති බවටයි මුළදී මත පළ වූයේ.
නමුත්, ඨික්ඨොක් හි නව ප්‍රකාශයෙන් ඇඟවෙන්නේ එය පවතින සියලුම පරිශීලකයින්ට මෙන්ම එය බාගත කිරීමට උත්සාහ කරන පුද්ගලයින්ටත් යෙදුම ක්‍රියාත්මක නොවනු ඇති.
මේ අතර, ඉදිරියේදී සිදුවීමට නියමිත තහනමට පෙර අමෙරිකානු ටික් ටොක් නිර්මාණකරුවන් ඔවුන්ගේ අනුගාමිකයින්ට සමුදීම සඳහා යෙදුමේ වීඩියෝ පළ කරමින් සින බව විදෙස් වාර්තා පවසනවා.

Share This