අමෙරිකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය Tik Tok අභියාචනය ප්‍රතික්ෂේප කරයි

අමෙරිකාවේ  ශ්‍රේෂ්ඨාධිකරණය  Tik Tok අභියාචනය ප්‍රතික්ෂේප කරයි

අමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය Tik Tok යොමු කළ අභියාචනය ප්‍රතික්ෂේප කර තිබෙනවා. ඒ අනුව අමෙරිකා එක්සත් ජනපදයේ TikTok තහනම ඉරිදා (19) සිට ක්‍රියාත්මක වීමට නියමිතයි.

නමුත් මෙම තහනම බලාත්මක කරන්නේ කෙසේද යන්න අවිනිශ්චිතව පවතින බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ . ධවල මන්දිරය පවසන්නේ එය බලාත්මක කිරීම ට්‍රම්ප් පරිපාලනයට භාර දෙන බවයි.

Tik Tok හි චීන හිමිකරුට එහි කොටස් විකිණීමට හෝ එක්සත් ජනපද තහනමකට මුහුණ දෙන ලෙස ඉල්ලා කොංග්‍රසය විසින් සම්මත කරන ලද නීතිය භාෂණ නිදහසේ අයිතිවාසිකම් කඩ නොකළ බවට විනිසුරුවරු තීන්දු කර තිබෙනවා.

මෙම නීතිමය නාට්‍යය ආරම්භ වූයේ අමෙරිකා එක්සත් ජනපද ආආණ්ඩුවේ  ජාතික ආරක්‍ෂක උත්සුකයන් සහ TikTok අයත් චීනය සමඟ ඇති බැඳීම් පළුදු වීමත් සමගයි.

පසුගිය වසරේ, ByteDance සතු Tik Tok යෙදුම එක්සත් ජනපද ගැනුම්කරුවෙකුට විකිණීමට නියෝග කළ නැතහොත් එය ජනවාරි 19 වන විට තහනම් කරනු ඇති බවයි අධිකරණය ප්‍රකාශ කළේ.

කෙසේ වෙතත් Tik Tok හි අභියාචනය අමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කර ඇති නිසා 19 වනදා සිට, Tik Tok අමෙරිකාවේ ක්‍රියාත්මක වීම තහනම් වනවා. නමුත් මෙම තහනම බලාත්මක කිරීම ට්‍රම්ප් පරිපාලනය වෙත පවරන බවයි ජෝ බයිඩ්න් ජනපති පවසා ඇත්තේ .

Tik Tok හි අමෙරිකානු පැවැත්ම පිළිබඳ අදහස් දක්වමින් නව ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇත්තේ , සත්‍ය වශයෙන්ම Tik Tok හි අනාගතය තමන් වෙත පැවරී ඇති අතර, තමන් ඉදිරියේදී ඒ ගැන තීරණය කරන බවයි.

Share This