තුසිත හල්ලොලුව යළිත් බන්ධනාගාරයට

ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු ක්‍රියාකාරි අධ්‍යක්ෂවරයෙකුව සිටි තුසිත හල්ලොලුව මහතා ජුනි මස 04 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
ඒ ජාතික ලොතරැයි මණ්ඩලයට අයත් රාජ්‍ය දේපළක් සාපරාධී සාවද්‍ය පරිහරණය කිරීම සම්බන්ධයෙන් එම අධිකරණයේ පවතින නඩුවකට අදාළවය.
තුසිත හල්ලොලුව මහතා 2017 – 2019 කාල වකවානුවේ ජාතික ලොතරැයි මණ්ඩලයේ ක්‍රියාකාරි අධ්‍යක්ෂවරයෙක් ලෙස කටයුතු කළේය.