තුෂාර උපුල්දෙණිය රක්ෂිත බන්ධනාගාරයට

වැඩ තහනමට ලක්වූ බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා හෙට (11) දින රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
ඒ, කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසිනි.
ඊයේ (09) රාත්‍රියේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තුෂාර උපුල්දෙණිය මහතා අත්අඩංගුවට ගත් අතර අද (10) පෙරවරුවේ ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන ලදී.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් මංජුල රත්නායක මහතා එම නියෝගය නිකුත් කර ඇත.